FAST NEWS

24×7 Around the Globe

හිලරි නිසා විකිලික්‌ස්‌ අසන්ඡේගේ අන්තර්ජාල සබඳතා කපා හරියි…

 විකිලීක්‌ස්‌ අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේගේ අන්තර්ජාල සබඳතා අක්‍රීය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ ඇති ඉක්‌වෙද්‍රර් තානාපති කාර්යාලයේ රැඳී සිටින අසන්ඡේ සිය අන්තර්ජාල සබඳතා මුළු ලොව පුරාම මෙහෙයවා ඇති බවද පැවසේ.

හිලරි කිල්ටන්ට අදාල රහස්‌ විද්යුත් ලිපි ප්‍රකාශයට පත්වීමත් සමගම අසන්ඡේගේ අන්තර්ජාල සබඳතා මෙසේ කපා දමා ඇති බවද වාර්තා වේ.

ඇමරිකානු බලධාරීන් එම ක්‍රියාදාමය පසුබිමේ සිටින බවට සැක කෙරේන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.