FAST NEWS

24×7 Around the Globe

හිට්ලර්ගේ උපන් ගෙය ඉවත් කරන සැලසුම ඉවතට…?

 

ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම ඉවත් කර ගත් බව ඔස්ට්‍රියානු ආණ්ඩුව පවසා තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුව විසින් ඇඩොල්ෆ් හිට්ලර් උපත ලද නිවස එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුම සිය නිර්දේශයක් නොවන බවට කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවය.

සඳුදා(17) ස්වදේශ කටයුතු අමාත්‍ය වොල්ෆ්ගැන්ග් සොබොත්කා ප්‍රකාශ කර තිබුණේ විශේෂඥ කමිටුවක් විසින් ගොඩනැගිල්ල විනාශ කළ යුතු බවට තීරණයක් ගෙන ඇති බවය.