FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු දිනයට 272 ක් රැස් කරති..

ෙශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි හා අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමාකරන විට කඩුලු 07කට ලකුණු 272ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි උපනායක කුසල් පෙරේරා හා සඳුන් වීරක්කොඩි අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට කටයුතු කළහ.

ඔවුහු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 29කදී ලකුණු 133ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කිරීමට සමත් විය.

මෙම තරගයට නායකත්වය ලබාදෙමින් ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්න නැවතත් අසාර්ථක වූ අතර, ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 02ක් පමණි.

හෙට (19දා) තරගයයේ දෙවැනි දිනය වන අතර දෙරට අතර පැවැති පළමු හා දෙවැනි සිවුදින තරග දෙකින් පළමු තරගය ශ්‍රී ලංකාවත් දෙවැනි තරගය කොදෙව් කණ්ඩායමත් ජය ගත්තේය.