FAST NEWS

24×7 Around the Globe

කවීෂා මිය යද්දී කවීෂාගේ වාහනයේ තරුණයෙක්…?

 

රංගන ශිල්පිණි කවීෂා අයේෂානි මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ   අවස්ථාවේ සිටියා යැයි කියන තරුණයෙකු පිළිබඳ මේ වන විට කතාබහක් ඇතිව තිබේ.

කවීෂා රිය අනතුරට ලක්වන අවස්ථාවේ මොහුද රථයේ අනෙක්පස සිටි බව වාර්තා වේ.

පසුගියදා යෙදුණු ඇගේ උපන්දින සාදයේදීද මෙම තරුණයා සිට ඇති අතර ඔහු ජයරත්න මල්ශාලාවේ සිට ඇත්තේ හිසේ තිබූ තුවාලයක්ද සමගින්ය.

එමෙන්ම කවීෂාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිසගෙන් බොහෝ දෙනෙකු ඔහු ළඟටද ගොස් කතාබහ කළ බව වාර්තා වේ.

ඇය පදවාගෙන ගිය රථයේ තවත් අයෙකු සිටියේ දැයි සම්බන්ධයෙන් මිරිහාන පොලීසියද පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බව සඳහන් වේ.