FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලයෙන් පෙම් කිරීමට ගිය සෞදි තරුණයා වරද්ද ගත් හැටි මෙන්න… (වීඩියෝ)

 

සෞදි අරාබිය කියන්නේ සාමාන්‍යයෙන් දැඩි නීති රිති පවතින රටක් සේම ජීවිත කාලෙටම දැනෙන ලොකු දඩුවමක් ලැබීමට පොඩි  අතපසුවීමක් වුවත් ප්‍රමාණවත්.

එවැනි ආකාරයේ සිදුවීමකට මුහුණ දී ඇති අබූ සින් (Abu Sin ) නැමති 19 හැවිරිදි සෞදි තරුණයෙක් පිළිබදව වාර්තා වී තිබේ.

මෙම තරුණයා අන්තර්ජාලය ඔස්සේ දැන හැඳිනගත් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ ජීවත්වන ක්‍රිස්ටිනා ක්‍රොකට් නැමැති 21 හැවිරිදි තරුණිය සමග වීඩියෝ සංවාදයක නිරත වී තිබේ.

එම වීඩියෝ වල දැක්වෙන පරිදි මෙම තරුණයා, තරුණියට ආදරය ප්‍රකාශ කර ඇති අතර ඉන් නොනැවතී විවහ යෝජනාවක්ද කර තිබේ.

කොහොම වුණත් මෙම වීඩියෝ පට පසුව අන්තර්ජාලයේ මහත් ප්‍රසිද්ධියකට පත්ව ඇති බව සදහන් වේ.

ඉන්පසුව මේ පිළිබඳව සෞදි ආරක්ෂක අංශ වල අවධානය යොමුව ඇති අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මෙය නොහික්මුණ සම්බන්ධතාවයක් බවත්, එරට නීතියට අනුව එවැනි ක්‍රියාවන් සිදුකිරීම වරදක් බවත් සෞදි ආරක්ෂක අංශ පවසා තිබේ.

අන්තර්ජාලය ඔස්සේ තම ආගමට හා තම රටේ අන්තර්ජාල නීතියට විරුද්ධව ක්‍රියාකිරීම යටතේ මෙම සෞදි දරුවාට අවම වශයෙන් වසර පහක සිර දඩුවම් හා සෞදි රියාල් මිලයන තුනක දඩ මුදලක් එරට අධිකරණය විසින් නියම කරනු ඇතැයි සදහන් වේ.

එම වීඩියෝව පහතින්…