FAST NEWS

24×7 Around the Globe

දිමුත්ගේ නායකත්වය ලහිරු තිරිමාන්නට…?

 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරඟාවලියේ තෙවැනි සිව්දින තරඟය අද (18) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඉකුත් සිව්දින තරඟ දෙකේදී නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න පෞද්ගලික කරුණක් හේතුවෙන් අද(18) තරඟයට සහභාගී වන්නේ නැති අතර තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ලහිරු තිරිමාන්නටයි.

ලහිරු තිරිමාන්න ඉකුත් කාල සීමාවේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වී නැති අතර මෙම තරඟාවලියේදී පැවති තරඟ දෙකේදී ඔහු ඉනිම් 4කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව දැක්වුනේ පිළිවෙලින් 2, 21, 3 හා 4 ලෙසයි.

මේ අතර අද(18) තරඟය සඳහා ලහිරු ගමගේ, දසුන් ශානක, සඳුන් වීරක්කොඩි සහ අමිල අපෝන්සු කැඳවා තිබේ.

ඔවුන් වෙනුවට ඉවත්කර ඇත්තේ දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ප්‍රභාත් ජයසූරිය හා විමුක්ති පෙරේරායි.