FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයෙත් වේගය වැඩි කලොත් දඩ ලැබෙන හැටි මෙන්න…

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය යෙදෙන සියලුම රියැදුරන්ට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පිටවන ‍අවස්ථාවේ දඩ පත්‍රිකා ලබාදීමට ක්‍රමයක් අරඹා තිබේ.

නවීන වේග මාපක උපකරණ ආශ්‍රයෙන් ලබාගන්නා තොරතුරු ක්ෂණිකව සියලුම පිටවීමේ ‍පරිගණකවලට නිකුත් කෙරෙන අතර වරද කළ වාහනයේ ගමන් ගන්නා රියැදුරුට ඔහුගේ වාහනයේ අංකය ඡායාරූපය, වේලාව, ධාවනය කළ වේගය ඇතුළත් සියලු සවිස්තර වාර්තාවක් සහිතව දඩයක් ගෙවන්නට සිදු වේ.

දඩ පත්‍රිකාව ලබා ගැනීමට රියැදුරු අකැමැති වන්නේ නම් අධිකරණය වෙත යොමු කිරීමට පොලිසිය හරහා අවශ්‍ය කටයුතු සිදු වන බවද වාර්තා වේ.