FAST NEWS

24×7 Around the Globe

මහා බාධක කොරල් පරයේ මැරුණ කතාව බොරුවක්…?

 

ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය මියගොස් ඇති බවට පලවන වාර්තා සත්‍යයෙන් තොර බව පරිසර විද්‍යාඥයන් අවධාරණය කර තිබේ.

ලොව ස්වභාවික පුදුම හතෙන් එකක් සහ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබූ එම කොරල් පරය මියගොස් ඇති බවට මීට දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ පුවත් පලවී තිබුණි.

කෙසේ වෙතත්, මෙම පුවතට මුල්වී තිබුනේ රොවාන් ජේකබ්සන් නම් ආහාර හා පරිසර මාධ්‍යවේදියෙකු විසින් ‘අවුට්සයිඩ්’ නම් සඟරාවට ලියූ ලිපියකි.

මරණයකට පසුව ලියූ ශෝක පුවතක් ලෙස (obituary) පළ වී තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ දීර්ඝ කාලයක් පුරාවට රෝගීව සිටි ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය වසර මිලියන 25ක් ආයු වළඳා මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, විද්‍යාඥයන් විසින් සිදුකළ නිල නිවේදනයක් ලෙස සඳහන් කරමින් සාවද්‍ය ලෙස වාර්තා කර තිබූ එම පුවත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද ඉතා සීඝ්‍ර ව පැතිරී ගොස් තිබුණි.