FAST NEWS

24×7 Around the Globe

ගාල්ල බසයේ බොස්තම් ගලවා රහසග පෙන්නලා..

.

ගාල්ල බස් නැවතුම් පොලේ බස් රථයක් තුලදි තරුණියකට රහසග පෙන්නූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල බස් නැවතුම්පොලෙන් වක්වැල්ල බලා ධාවනයවිමට සූදානමින් තිබූ බස් රථයක තරූණීයක් අසුන් ගෙන සිටින විට බස් රථයට ඇතුලුවූ පුද්ගලයෙකු ඇයගේ අසුනේම වාඩිවී ඇත.

පසුව එම පුද්ගලයා ඇද සිටි කලිසමේ ඉදිරිපස බොස්තම් ගලවා එම තරුණියට රහසග පෙන්වා තිබේ.

එවිට කලබලයට පත්වූ තරුණිය කෑගසන විට බස් රථයේ සිටි සෙසු මගීන් එක්ව මෙම පුද්ගලයා අල්ලා පොලිසියට භාරදී ඇති බව සදහන්.

මෙම පුද්ගලයා ගාල්ල වලහන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද අනාවරණය වී තිබේ.

ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කේ ඒ උදයකුමාරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.