FAST NEWS

24×7 Around the Globe

පාළුව මැකීමට රෝබෝ බබෙක් ජපානයෙන්…

ඉතා කුඩා, කතාබහ කළ හැකි කුඩා රෝබෝවෙක් නිෂ්පාදනය කිරීමට සමත් වූ බව ටොයොටා සමාගම පැවසීය.

‘කිරොබො මිනී’ ලෙස නම් කර ඇති මෙම රොබෝවා සෙ.මී. 10ක් පමණක් උස වන අතර, මෙය නිර්මාණය කර ඇත්තේ පාළුව තනිකම මැකීමටයි.

ළමුන් ගේ ගතිපැවතුම් වලට සමාන ලක්ෂණද මෙම රොබෝවරයාගෙන් දැකිය හැකි බව විදෙස් වාර්තා වල දැක්වේ.

මිල 39,800ක් යැයි පැවසෙන මෙම නිෂ්පාදනය ලබන වසරේ(2017)  ජපන් වෙළඳපොළට නිකුත් වීමට නියමිතය.