FAST NEWS

24×7 Around the Globe

නෙදර්ලන්ත කතගේ රුපියල් 79,000ක් වටිනා ජංගම දුරකථනයට කොස්තාපල් ඇල්ලේදී විදියි…

සංචාරයක් සඳහා මෙරට පැමිණි නෙදර්ලන්ත කාන්තාවකගේ රුපියල් 79,000ක් වටිනා ජංගම දුරකථනයක් සොරාගත්තැයි සැකපිට ඇල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අද (04දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඇල්ල දුම්රිය ස්ථානයේදී මෙම සොරකම සිදුවී තිබේ.

සැකකරු අද (04දා) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ඇල්ල පොලිස් ස්ථානාධිපති එල්.ඩී.එන්. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.