FAST NEWS

24×7 Around the Globe

​විස්සයි විස්සෙන් එංගලන්තය නවසීලන්තය පරදයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග ඊයේ (23) පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගය ලකුණු 56කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. එම තරගය පැවැත්වුණේ මැන්චෙස්ටර් හී ඕල්ට් ට‍්‍රැෆෝඞ් ක‍්‍රීඩාංගණයේදියි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 07ක් දැවි ලකුණු 191ක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් නවසීලන්ත ක‍්‍රීඩකයික් පන්දුවාර 16යි පන්දු 02කදී සියලූ දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 135ක් පමණයි. පන්දු 46කදී ලකුණු 68ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ජො රූට් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.