FAST NEWS

24×7 Around the Globe

සරාගී කීම්ට හෝටල් කාමරයක් තුල දෙදෙනෙකුගෙන් බලහත්කාරකමක්…

ඇමෙරිකාවේ රියැලිටි තරුවක් වන කිම් කාඩෑෂියන් ට ඉතා බියකරු අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවට වාර්තා වේ.

ප්‍රංශ පොලිසිය ලෙස හැඳපැළඳගෙන මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුවක්කු පෙන්වා තර්ජනය කර, ඇය නැවතී සිටි පැරීසියේ හෝටලයක කාමරය තුළ ඇයව බලහත්කාරයෙන් රඳවාගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සිද්ධිය ඊයේ (02) රාත්‍රියේ සිදුවී ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් කිම් ට ශාරීරිකව කිසිඳ හානියක් සිදුනොවුනද ඇය ඉතා බිය වී ඇති බව ඇගේ ප්‍රකාශිකාවක් මාධ්‍ය වෙත පවසා තිබේ.

කිම්, සිය මව වන ක්‍රිස් ජෙනර් හා සහෝදරියන් වන කෝට්නි හා කෙන්ඩල් ජෙනර් සමග මේ දින වල පැරීසියේ සිටින්නේ ප්‍රංශ විලාසිතා සතියට සහභාගී වීමටයි.

මේ අතර, නිව් යෝක් නගරයේ පැවති මිඩෝව්ස් උළෙලට සහභාගි වෙමින් සිටි කිම් ගේ සැමියා වන කාන්යෙ වෙස්ට් සිය පවුලේ හදිසි අවස්ථාවක් යැයි පවසමින් කඩිනමින් එම උළෙලෙන් පිටව ගොස් තිබේ.