FAST NEWS

24×7 Around the Globe

නිමාලි ලියනආරච්චි වසර 24කට පසු ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කරයි

42 වැනි ජාතික මහා ක්‍රීඩා උළලේදී මීටර් 800 කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේ නිමාලි ලියනආරච්චි සමත් වෙයි.

ඒ, සදහා ඇය ගත කළ කාලය මිනිත්තු 2යි තත්පර 3යි දශම 0යි 5කි.

නිමාලි ලියනආරච්චි විසින් බිඳ හෙළා තිබෙන්නේ මීට වසර 24කට පෙර තැබූ ශ්‍රී ලංකා වාර්තාවක් වීම විශේෂත්වයකි.

මේ වන විට මෙම ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් පිහිටුවා තිබේ.