රෝස පැහැති පන්දුවෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු වැනි ක්‍රිකට් තරගය ලබන මස 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගයක් වන මෙම තරගය සිවුදින තරගයකි.
කෙසේ වෙතත් මෙය දිවා තරගයක් වන අතර දර්ශන තිරය කළු පැහැයෙන් පවතිනු ඇත.
රෝස පැහැ පන්දුවෙන් පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්වීම ලෝකය පුරාම මේ වන විට ව්‍යාප්ත වෙමින් යන්නක් වන අතර රෝස පැහැ පන්දුව හඳුන්වා දෙන ලද්දේ ටෙස්ට් තරග දිවා/රාත්‍රී තරග ලෙසින් ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිවය.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ ඇඩිලේඞ්හිදී පැවැති ටෙස්ට් තරගයක් සඳහාද රෝස පැහැ පන්දුව යොදා ගත්තේය.
නිල නොවන ටෙස්ට් තරගාවලියක් සහ එක්දින තරගාවලි සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ලබන ඉරිදා (02 වැනිදා) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.
එසේම මෙම තරගාවලියේ පළමු සිව්දින ටෙස්ට් තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමීත ශ්‍රී ලංකා ‘එ’ සංචිතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කෙරුණි.
මෙහි නායක්තවය දිමුත් කරුණාරත්න හට හිමීව ඇති අතර උප නායකත්වය කුසල් පෙරේරාට හීමිව තිබේ.
එසේම ළහිරු තිරිමාන්න හා ලක්ෂාන් සඳකැන්ද මෙම සංචිතයට නම් කර ඇත.
කෙසේ වෙත් රෝස පන්දුවෙන් ක්‍රීඩා කිරීමේ පළමු ශ්‍රී ලාකීක වරම ජාත්‍යන්තර ක්‍රීකට් වරම් දිනු ක්‍රීඩකයින් ලෙස දිමුත්ට, කුසල්ට හා තිරිමාන්නට හිමී වීමද සුවිශේෂිලා සැලකිය හැකිය.
‘ඒ’ සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක)
ළහිරු තිරිමාන්න
කුසල් පෙරේරා (උප නායක)
රොෂේන් සිල්වා
චරිත් අසලංක
නිරෝෂන් දික්වැල්ල
අසේල ගුණරත්න
අවිශ්ක ප්‍රනාන්දු
අනුක් ප්‍රනාන්දු
විමුක්ති පෙරේරා
ප්රභාත් ජයසූරිය
ලක්ෂාන් සඳකැන්
අසිත ප්‍රනාන්දු
ලහිරු කුමාර
කසුන් මධුශංක
තරග කාලසටහන
ඔක්තෝබර් : 4-7 – නි.නො. ටෙස්ට් තරගය – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 11-14 – නි.නො. ටෙස්ට් තරගය – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 18-21 – නි.නො. ටෙස්ට් තරගය – රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 24 – පළමු එක්දින තරගය – රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 27 – දෙවැනි එක්දින තරගය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී
ඔක්තෝබර් : 30 – තෙවැනි එක්දින තරගය – කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.