FAST NEWS

24×7 Around the Globe

හිටපු සුපිරි ක්‍රීඩක ඩිල්ෂාන්ගේ පුතු ඩිල්ස්කුප් සන්නාමය ශතකයකින් ඔසවා තබයි..

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්‌ සංගමයේ මෙහෙයවී මත ක්‍රියාත්මක වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල්  ක්‍රිකට්‌ තරගාවලියේදි හිටපු ක්‍රීකට් ක්‍රීඩක ටී.එම් ඩිල්ෂාන්ගේ පුත්‍රයා වන රෙසඳු තිලකරත්න ශතකයක් වාර්තා කිරීමට සමත් ව තිබේ.

කෝට්‌ටේ ශාන්ත තෝමස්‌ විදුහලට එරෙහිව පසුගියදා පැවැති මෙම තරගයේදී රෙසඳු තිලකරත්න රාජකීය විදුහල වෙනුවෙන් නොදැවී ලකුණු 114 ක්‌ ලබා ගනිමින් සිය කණ්ඩායම පන්දුවාර 65 ක් තුළ ලකුණු 320 වැනි ඉහළ සංඛ්‍යාවකට ඔසවා තැබීමට සමත් වීම සුවිශේෂි කරුණකි.

මතු දිනක ආනාගතයේ ඩිල්ස්කුප් සන්නාමය නැවතත් ජාත්‍යන්තරයට ඔසවා තැබීමට රෙසදු  තිලකරත්න සමත් වනු ඇතැයි ඩිල්ෂාන්ගේ සමකාලීන ක්‍රීකට් ක්‍රීඩකයන් රෙසදුගේ ශතකය සහ ඔහුගේ ක්‍රීඩා විලාශය පිළිබඳ අදහස් දක්වමීන් ඩිල්ෂාන් වෙත සඳහන් කර ඇති බවද වාර්තා වේ.