FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් හෙට නවසීලන්තය බලා පිටත්ව යයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්ත නිල සංචාරය හෙට (29දා) ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාගේ ආරාධනාවක් අනුව අගමැතිවරයා නවසීලන්තයේ සංචාරයේ නිරත වේ.

මෙම සංචාරය අතර තුළ දෙරට අතර වැදගත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රි ලංකාවේ කිරි ආශ්‍රිත නිෂ්පාදනය වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් මෙම සංචාරයේදී යොමු කරනු ඇති බවද පැවසේ.