FAST NEWS

24×7 Around the Globe

රබර් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට අධි තාක්ෂණික පුහුණුවකට අවස්ථාවක් සලසයි..

මෙරට රබර් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කණ්ඩායමක් ජාත්‍යන්තර පුහුණුවක් සඳහා හෙට (25) දිනයේ දී දිවයිනෙන් පිටවනු ඇතැයි වාර්තා වේ.

ඔවුන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි කොචින් විශ්වවිද්‍යාලයේ රබර් ක්ෂේත්‍රයේ අධි තාක්ෂණික පුහුණුවක් ලැබීමට නියමිතය.

මෙම පුහුණුව, රබර් ක්ෂේත්‍රය සම්බන්ධ රජයේ ප්‍රධාන සැලැස්මේ කොටසකි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යනු මෙම සැලැස්ම දියත් කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අතර, එම සැලැස්ම යටතේ පවතින ව්‍යාපෘති 25න් 12ක්ම එම අමාත්‍යංශය භාරයේ පවතියි.

මේ පිළිබඳව අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය – රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ සිය අමාත්‍යංශය හා රබර් පර්යේෂණ ආයතනය මේ සම්බන්ධයෙන් කොචින් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වූ බවත්, එම විශ්ව විද්‍යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවත්ය.

මෙම කණ්ඩායම, රබර් ක්ෂේත්‍රයේ අධි තාක්ෂණික විදෙස් පුහුණුවක් ලැබීමට වරම් ලැබූ පළමු ප්‍රවීණයන් කණ්ඩායම ලෙස සැලකේ.