FAST NEWS

24×7 Around the Globe

වසීම් තාජුඩින්ගේ අතුරුදන් වු සිරුරු කොටස් ඇති ස්ථානය හෙළි වෙයි…

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් මා‍ලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙත ගෙන ගොස් ඇතැයි හෙළි වූ බව රහස් පොලීසිය අද (21) අධිකරණයට දැනුම්දී  ඇති බව වාර්තා වේ

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව ඊට අදාළව කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව සඳහන් කළ පොලිසිය එම ප්‍රකාශවලදී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර ශීතාගාරයේ තිබූ අස්ථි කොටස් අඩංගු පාර්සල් 15 ක් පමණ වාහනයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී එම අස්ථි කොටස් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇති බවද පැවසේ.