FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකරට ඇප ලැබේ.

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

අද (19) පස්වරුවේ නුවර සිට ‍කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි ඔහුගේ මෝටර් රථයේ, රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.