FAST NEWS

24×7 Around the Globe

නයිජීරියාවේ මත්ස්‍ය වෙළඳපළකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.

 

ඊසානදිග නයිජීරියාවේ මත්ස්‍ය වෙළඳපළකට ඊයේ (22) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ.

මයිඩුගූරි නමැති නගරයේ පොදු මත්ස්‍ය වෙළඳපළටයි මෙම ප‍්‍රහාරය එල්ල වූයේය. වෙළදපළට ඇතුළුවන ස්ථානයේ රැදී සිටින සිඟන්නියක් ලෙස පැමිණි මරාගෙන මැරෙන බෝම්බකාරිය වෙළදපළ තුළ දී පිපිරීම සිදුකර ඇති අතර, ප‍්‍රහාරයට පැමිණි අනෙක් පිරිස පළා ගොස් තිබේ.

ඉස්ලාමීය අන්තවාදී බොකෝ හරාම් සංවිධානය මෙම ප‍්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැලකේ.

එම සංවිධානය බිහි වූයේ ද ප‍්‍රහාරය සිදුවූ මයිඩුගූරි නගරය කේන්ද්‍ර කොටගෙනයි.