FAST NEWS

24×7 Around the Globe

විද්‍යා හා තාක්ෂණ සමුඑවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්…

 ”තිරසාර ජාතික සංවර්ධනයක් සදහා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදනයන් භාවිතයට ගැනීම” මැයෙන් ඊයේ (07) කොළඹ නෙඑම් පොකුණ රගහලේදී ඇරඹුණු විද්‍යා හා තාක්ෂණ සමුඑවේ සමාරම්භක උළෙල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දෙස් විදෙස් විද්‍යාඥයින් දහසක් පමණ මෙම සමුථවට එක්ව සිටින අතර ලොව ප්‍රකට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයින් 150 දෙනෙකු පමණ මෙම සමුඑවට එක්ව සිටි. 

මෙහි ප්‍රධාන දේශනය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණය පිළිබද මහාචාර්ය Michqel  J.kelly  මහතා විසින් සිදු කළේය.

අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, අර්ජුන රණතුංග, රංජිත් සියඹලාපිටිය, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන් පිරිසක් ද, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.විජයලක්්ෂ්මි මහත්මිය ඇතුථ නිළධාරිහු ද සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

ඉන් අනතුරුව විද්‍යා හා තාක්ෂණ සමුථව සදහා සහභාගී වූ දෙස් විදෙස් විද්‍යාඥයින් වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලාංකික හා විදේශීය විද්‍යාඥයින් 07 දෙනෙකුට මෙහිදී ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කෙරිණි.