FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලගදීම?

තිලකරත්න ඩිල්ෂාන් තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ ඇතිවූ තත්ත්වයන් පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බව වාර්තා වනවා.

එම ප්‍රකාශයත් සමග ඇතැම් පුද්ගලයන්දේ ඇති අනවබෝධය මගහැරෙනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔහුගේ ක්‍රිකට් ජීවිතය සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බැවින් ළඟදීම මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඩිල්ෂාන් පැමිණි ගමන් මග පිළිබඳව ද ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවයි ඔහුගේ සමීපතමයන් පවසන්නේ.