FAST NEWS

24×7 Around the Globe

2019 ලෝක කුසලාන බලාගෙන ක්‍රිකට් කණ්ඩායම ලොකු ගමනක්‌ යන්න සූදානම්ලු-චන්දිමාල්

”ආරම්භක පිතිකරු ලෙස අවිශ්ක ප්‍රනාන්දුව ක්‍රීඩා කළේ ඔහු පුහුණු දැල තුළ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන නිසා. ඒ වගේම ධනුෂ්ක ගුණතිලකට තරගයට පෙර දිනයේ පුහුණු දැල තුළ හොඳින් පන්දුවට පහර දෙන්න බැරි වුණා. අවිශ්ක කියන්නෙ යොවුන් කණ්‌ඩායමේ දක්‍ෂතා දක්‌වපු කෙනෙක්‌. කොහොමත් ආරම්භක පිතිකරු ලෙස අලුත්ම දෙන්නෙක්‌ ආවෙ නැහැ. ධනංජය ද සිල්වා කියන්නෙ ආරම්භක පිතිකරුවෙක්‌. ඔහුට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්න බැරි වුණේ තිලකරත්න ඩිල්ෂාන් හිටිය නිසා.”

මේ අතර වේග පන්දු යවන්නන් අහේනියට පත්ව සිටින යුගයක නුවන් කුලසේකර සහ දසුන් ශානක කණ්ඩායමට සම්බන්ධ කර නොගන්නේ ඇයිද යන ප්‍රශ්නයට ද ඔහු එහිදී පිළිතුරු ලබා දී තිබෙනවා.

“අපි සැලැස්‌මකට තමයි ක්‍රීඩා කරන්නෙ. ඔවුන්ට ඉදිරියේදී අවස්‌ථාවක්‌ තේරීම් කමිටුව ලබා දෙයි. අපි මේ ලොකු ගමනක්‌ යන්න සූදානම් වෙන්නෙ. ලබන වසරේ චැම්පියන් ශූරතාව තියෙනවා. ඒ වගේම 2019 ලෝක කුසලාන තියෙනවා. ඒ වෙනුවෙන් නවකයන්ට අවස්‌ථාව දීල කණ්‌ඩායම හදන ගමන් ජයග්‍රහණත් සොයා ගන්න තමයි අපි උත්සහ කරන්නෙ.”
පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.