FAST NEWS

24×7 Around the Globe

උපුල්,නිරෝෂන්,සචිත්‍ර සමග ප්‍රහාරාත්මක පිතිකරු නැවතත් කණ්ඩායමට.

තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරඟය සඳහා තවත් ක්‍රීඩකයින් හතරදෙනෙකු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ ආරම්භක පිතිකරු උපුල් තරංග, දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායක, තුන් ඉරියව් ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානක සහ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලයි.

ඔවුන් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවයි වාර්තාවන්නේ.