FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශය සුපිරි දෙකක් පරයා ශූරයින්ගේ කුසලානයට.

 

බංගලාදේශ කණ්ඩායම 2017 වසරේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. එ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග මේ දිනවල පැවත්වෙන එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමත් සමගයි.

අන්තර් ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල හොඳම කණ්ඩායම් අට පමණක් ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තෝරා ගැනෙනවා. බංගලාදේශය මේ වන විට පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේයි. ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව, ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින සෙසු කණ්ඩායම් වනවා.

මීට අමතරව පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරින් ඉදිරි තරගවලදී වැඩි දක්ෂතා දක්වන කණ්ඩායමද ශූරයින්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සුදුසුකම් ලබනු ඇති.

SasSasS