FAST NEWS

24×7 Around the Globe

සූර්යයා චන්ද්‍රයාගෙන් වැසී යන අපුරු සුන්දරත්වය.

අප්‍රිකාවේ ඇතැම් ස්ථාන වලට අපූරු හා සුන්දර අර්ධ සූර්යග්‍රහණයක් දිස්ව ඇතැයි වාර්තා වේ.

මෙම අවස්ථාවේ දී සූර්යයා චන්ද්‍රයාගෙන් වැසී යන්නේ චන්ද්‍රයා වටා ආලෝක වළල්ලක් පමණක් ඉතිරි කරමිනි.

මෙවැනි අර්ධ සූර්යග්‍රහණයක් හැඳින්වෙන්නේ ‘රින්ග් ඔෆ් ෆයර්’ (ගිනි වළල්ලක් යන තේරුමෙන්) ලෙසයි.

සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවේදී පෘථිවියට ඈතින් චන්ද්‍රයා පිහිටා සිටින විටදී මෙවැනි ‘රින්ග් ඔෆ් ෆයර්’ සූර්යග්‍රහණයක් දිස්වේ.

මෙම අපූරු සූර්යග්‍රහණය හොඳින්ම දිස්වී ඇත්තේ ටැන්සානියාවට වන අතර, එහිදී විනාඩි 3ක කාලයක් පුරාවට මෙම අවස්ථාවට දැකගත හැකිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීළඟ සූර්යග්‍රහණය 2017 පෙබරවාරි මාසයේදී සිදුවන බවත්, එය දකුණු ඇමෙරිකාවේ හා අප්‍රිකාවේ ඇතැම් රටවලට දිස්වන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.