FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රීලනිප 65වන සංවත්සරයට යනවාද?ඒකාබද්ධ බල මණ්ඩල පොදු තීරණයකට.

අනින්දා කුරුණෑගලදී පැවැත්වෙන ශ‍්‍රීලනිප 65වන සංවත්සරයට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කර ශ‍්‍රීලනිප සියළු මන්ත‍්‍රිවරැන් සහභාගී නොවිය යුතු යයි ඔවුන් නියෝජනය කරන සියලූ ආසන බල මණ්ඩල තීරණය කර ඇත.

සංවත්සරයට සහභාගී වීම හෝ නොවීම ගැන අදහස විමසීමට පසුගිය සතියේදී එම මන්ත‍්‍රීවරැන් විසින් කැදවූ අතර ඊයේ දින වන විට සියලූම බල මණ්ඩල කැදවීම අවසන් විය.

ඒ අනුය සියළු බන මණ්ඩලවල සම්මත වූ යෝජනා ගැන සාකච්ඡ කර මන්ත‍්‍රී කණ්ඩායම පොදු තීරණයකට එළැඹීමට නියමිතය.