FAST NEWS

24×7 Around the Globe

මිචෙල් ස්ටාර්ක් හා හෙල්ස්වුඩ් ඔස්ට්‍රේලියා සංචිතයෙන් ඉවතට…

ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක දෙපළක් වන මිචෙල් ස්ටාර්ක් හා ජොෂ් හෙල්ස්වුඩ් සැප්තැම්බර් මස අග දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රීකට් තරගාවලියට එක් නොකර ගැනීමට එරට ක්‍රීකට් තෙරිම් කරමීටුව තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කර සිටියි.

එ අනුව ඔවුන් දකුණු අප්‍රිකාව සමග තරගාවලිය සඳහා වු ඔස්ට්‍රේලියා සංචිතයට නම් නොකෙරෙන බව කියැවේ.

මෙලෙස ඉවත් කීරීමට තීරණය කර ඇත්තේ ඔවුන්ව විවේක ගැන්වීමේ අරමුණින් බවත් එමගින් එක දිගට නොකඩවා තරග වලට ක්‍රීඩා කිරීම නිසා ඇතිවන අබාධය තත්වයන් වලින් මුදවා ගැනීම බවද එම කමීටුව පෙන්වා දි ඇත.

ජොෂ් හෙස්ල්වුඩ් නැවත ඕස්ට්‍රේලියාව බලා කැඳවන බවත් ඔහු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අතර පැවැත්වෙන ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා නොකරන බවත් මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ඉදිරි තරඟ සඳහාද ක්‍රීඩා කරන බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.