FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රීගේ වෙබ් අඩවිය හැක් කළේ උපන් දින තෑග්ගකටලු?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වෙබ් අඩවියට පාසල් සිසුවා ඇතුළුව ඇත්තේ ඔහුගේ බංග්ලාදේශ මිතුරාට උපන්දින තෑග්ගක් ලෙස බව ඔහුගෙන් කරන ලද විමසීම්වලදී හෙළිව තිබේ.

පොඩි හැකරාගේ හොඳම මිතුරා වන්නේ බංග්ලාදේශයේ සිටින අනවසරයෙන් වෙබ් අඩවි තුළට ඇතුළු විය හැකි දක්ෂයකු බව කියන ස්කිඩී ඛාන් (Skidie Khan) නැමැති 16 හැවිරිදි දරුවෙක් බව පැවසේ.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මොහු ජනපති වෙබ් අඩවියට බලහත් කාරයෙන් ඇතුළුව තිබේ.

පොඩි හැකරා ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි 130කට ආසන්න ප්‍රමාණයකට මෙලෙස අවසරයකින් තොරව ඇතුළුවී ඇති බව පැවසේ.

ඔහු පොලිස් වෙබ් අඩවියට ඇතුළුව ඇත්තේ පසුගිය වසරේදීය.