FAST NEWS

24×7 Around the Globe

කසිප්පු වඩියක් බී ගල්ගමුව අලියාට වෙරි.

කසිප්පු වඩියක් බීම නිසා හෝ වස වර්ගයක් ශරීර ගත වීම නිසා රෝගාතුරව ගල්ගමුව – කල්ලංචිය, අංකෙන්දෑව ප්‍රදේශයේ ගුරු පාරක වැටී සිටි වන අලියකු පෙරේදා (30දා) පස්වරුවේ සොයා ගත් බව වනජීවී නිලධාරිහු කීහ.

අවුරුදු විසිපහක් හා උස අඩි අටක් පමණ වන මේ වන අලියාගේ

ශරීරයේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබූ බවත් වස වර්ගයක් හෝ කසිප්පු වඩියක් පානය කිරීමෙන් රෝගීව ඇති බවට වනජීවී නිලධාරීහු සැක කරති.
රෝගාතුර වූ වන අලියාට ප්‍රතිකාර කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරි චන්දන ජයසිංහ මහතා ඊයේ (31දා) සිට ආරම්භ කෙළේය.