FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස හැකරා?

ජනාධිපති මාධ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ලෙස ජනාධිපති නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවිදිරි පාසල් දරුවා පත් කරන්නැයි ‘පිවිතුරු හෙළ උරුමයේ’ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ දින කොළඹ පැවති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේදී ඔහු එම ඉල්ලීම කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිල වෙබ් අඩවියට රහසින් ඇතුළු වුණු දාහත් හැවැදිරි පාසල් දරුවෙක් අද පරිවාස භාරයට පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමාගේ වෙබ් අඩවිය සලකන්නේ ලංකාවේ තියෙන සුරක්ෂිතම වෙබ් අඩවිය විදිහටයි. ඒ වෙබ් අඩවියට පාසල් දරුවකු ඇතුළු වුණා කියන්නේ ඔහු සැබෑම දක්ෂයෙකු විය යුතුයි.

ඒ දරුවා සැබෑ දක්ෂයකු බවට විභාග දේපාර්තුමේන්තුවත් ලිඛිතව සහතික කරලා තියෙනවා. ඉදිරිපත් වුණු සෑම විෂයකටම සාමන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සමාර්ථ ලබා ගෙන. මෙවැනි දරුවන් ඇමරිකාවේ නාසා ආයතනයේ, පෙන්ටගනයේ වෙබ් අඩවි වලට ඇතුල් වෙනවා.

පාසල් දරුවන් පරිඝණකයට ඇතුළු වුණාම අල්ලලා හිරේ දාන එක නෙවෙයි ඇමරිකාවේ කරන්නේ. ඒ දරුවෝ ගෙනල්ලා කතා කරලා අවශ්‍ය විනය හදලා ශිෂ්‍යත්ව ලබා දීලා ඒ දරුවා සතු පරිඝනක දැනුම රට වෙනුවෙන් භාවිතා කරන්න අවශ්‍ය හික්මීම සහ දැනුම ලබා දීම තමයි ආණ්ඩුවේ වගකීමක් බවට පත් කර ගැනීම තමයි ඇමරිකාව ඔස්ට්‍රේලියාව වැනි රටවල දී සිදුවන බව අපිට ආරංචි වෙන්නේ.