FAST NEWS

24×7 Around the Globe

වොක්ස්වැගන් යළි එනවලු?

ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ශ‍්‍රි ලංකාවේ පිහිටුවන බවට එම සමාගම නැවත දැනුම් දී ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එනිසා ඒ සදහා අදාල ඉඩම් වෙන්කිරීම පවා දැනට සිදුවෙමින් ඇතැයිද පවසන ඔහු එම සමාගම මෙරට කර්මාන්ත ශාලාවක් ආරම්භ නොකරන්නේ යයි ප‍්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ආර්ථික අර්බුදයක් නිසා මිස මෙරට රජයේ ගැටලූවක් නිසා නොවන බවද පැවසීය.

කෙසේ නමුත් මෙරට කර්මාන්ත ශාලාව අරඹන බව එම සමාගම යළි දැනුම් දී ඇතැයිද ඇමතිවරයා කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කීය.