FAST NEWS

24×7 Around the Globe

ASP තනතුරක් ඉල්ලූ රංගෙට අන්තිමට ලැබුන දේ?

නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

දේශපාලන හේතූන් මත විවිධ ගැටලුඵවලට මුහුණ දුන් අයට සහන සැලසීමේ කමිටුවට තමා ‍පොලිස් සේවයේ නිරතව සිටියදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවට පාලිත රංගෙ බණ්ඩාර මහතා ඉදිරිපත් කර තිබුණු අභියාචනයක් සලකා බැලීමෙන් පසු එම කමිටුවේ නිර්ශයන්ට අනුව එම කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පාලිත රංගෙ බණ්ඩාර මහතා එම කමිටුවෙන් ඉල්ලා ඇත්තේ තමාව සහකාර ‍පොලිස් අධිකාරී තනතුරේ පිහිටුවා ඔහුට එරෙහිව එකළ පැවරූ ව්‍යාජ නඩු සදහා වියදම් වූ රුපියල් ලක්ෂ 18ක මුදල ආපසු ලබාදෙන ලෙසය.

කමිටුව නිර්දේශ කර ඇත්තේ උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ඔහු 2000 අගෝස්තු 24 වෙනිදා සිට නැවත ‍පොලිස් සේවයේ පිහිටුවා 2000 වසරේ අගෝස්තු 27 වෙනිදා ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ධුරයට උසස්කර තනතුර ස්ථීරකර එදින සිට විශ්‍රාම ගන්වන ලෙසය. එකී උසස්වීමට අදාළ හිඟ වැටුප් හා දීමනා කිසිවක් නොගෙවන ලෙසද කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ඇමැති රංගෙ බණ්ඩාර මහතා අවසන්වරට ‍පොලිස් සේවයේ නිරතව සිටියේ වැල්ලව ‍පොලිස් ස්ථානාධිපතිවරයාවය. ‍

පොලිස් සේවයෙන් ඉවත්ව ආණමඩුව එ.ජා.ප. සංවිධයක ලෙස ඔහු දේශපාලනයට පිවිසියේය.