FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරු ෂෝන් මාෂ් එක්දින තරගාවලියෙන් ඉවතට…

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලින් ඔස්ට්‍රේලියානු මැද පෙළ පිතිකරු ෂෝන් මාෂ් ඉවත් වන බව වාර්තා වේ.

ඒ තරගාවලියේ පෙරේදා (28දා) පැවැති තෙවැනි එක්දින තරගය අතරතුර පන්දු රැකීමේ යෙදී සිටියදී ඔහුගේ  ඇඟිල්ලක  අස්ථි බිඳී යාම නිසාවෙනි.

මේ හේතුවෙන් ඔහු නැවතත් ඔස්ට්‍රේලියාව බලා පිටත් වන බව වාර්තා වන අතර, මේ බව තහවුරු කරමින්  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා විදෙස් මාධ්‍ය වෙත පවසන්නේ මාෂ්ගේ වම් සුලැඟිල්ලේ  වූ අස්ථි  බිඳීම එක්ස් රේ ඡායාරූප මගින් තහවුරු වූ බවයි.

33 හැවිරිදි මාෂ්, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර  පැවැති ටෙස්ට් හා එක්දින සංචිත දෙකටම නම් කර සිටියේය.