FAST NEWS

24×7 Around the Globe

විලී වොන්කා දිවියෙන් සමුගනී.

ලොව ජනප්‍රිය ළමා චිත්‍රපටයක් වූ ‘විලී වොන්කා ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරී’ හි විලී වොන්කා ගේ චරිතයට පණපෙවූ ඇමෙරිකානු නළුවා වන ජීන් වයිල්ඩර් සිය දිවියෙන් සමුගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය.

ඇල්සයිමර් රෝගයෙන් ඇති වූ සෞඛ්‍ය සංකූලතාවයන් හේතුවෙන් ඔහු පෙරේදා දින (28) මියගොස් ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

බ්‍රෝඩ්වේ වේදිකාවෙන් සිය රංගන දිවිය ඇරඹූ ජීන් මුලින්ම රිදී තිරයට පැමිණියේ බොනී ඇන්ඩ් ක්ලයිඩ් චිත්‍රපටයේ සුළු චරිතයක් ඔස්සේය.

ඉන්පසුව ‘ද ප්‍රඩියුසර්ස්, බ්ලේසින් සැඩ්ල්ස් වැනි චිත්‍රපට වල පෙනී සිටියේය.

එහෙත් ඔහු පණපෙවූ ජනප්‍රියම චරිතය වන්නේ ‘විලී වොන්කා ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරී’ හි විලී වොන්කා ගේ චරිතයයි.