FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති මහින්ද 65වන සංවත්සරයට සහභාගිවීමේ වැඩි ඉඩක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරයට සහභාගිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඔහුට අතිශයින් සමීප මන්ත්‍රීවරයකු පැවසිය.

සැප්තැම්බර් 02 හා 03 යන දිනයන්හි මැලේසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවන හිටපු ජනාධිපතිවරයා, 03දා රාත්‍රී යලි දිවයිනට පැමිණෙන බවත්, අනතුරුව 04දා පක්ෂ සමුළුවට සහභාගිවීමට බලාපොරොත්තුව සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රීලනිප උපදේශක ලෙස හිටපු ජනාධිපතිවරයාට මෙම සංවත්සරය සමුළුවටසහභාගී වන ලෙස විශේෂ ආරාධනා කර ඇති අතර, සභාව අමතන ලෙසද යෝජනා කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ සංවත්සරය දේශනය මේවනවිට කෙටුම්පත් කරමින් සිටින බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ, ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි නොවිය යුතු බවට ආසන බලමණ්ඩල තීරණය කර ඇති බවයි.