FAST NEWS

24×7 Around the Globe

ගොසිප් කිව්වොත් මොකද වෙන්නේ?

ඕපාදූප කතාබහ කරන පුද්ගලයින්ගේ ආයුෂ වර්ධනය වන බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිණාමවාදී මනෝ විශේෂඥ මහාචාර්ය රොබින් ඩන්බර් කළ පරික්ෂණයකදී සොයාගෙන තිබෙනවා.

ඕපාදූප කතාබහ අනෙකුත් සතුන් අතරින් මිනිසාට පමණක් ආවේණික වූ ලක්ෂණයක් වන බව පෙන්වාදෙන ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ එමගින් මිනිසාට සතුටක් හා නිදහසක් ලැබෙන බවයි.

එසේම එවැනි කෙටි කතාබහකින් අවට සිදුවන දේ ගැන සහ එක් එක් පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳ දැනුවත් බවක් ලැබෙන බවද එය අනවශ්‍ය පුද්ගලයන් විශ්වාස නොකොට සමාජයේ හැසිරීමට සහායක් වන බවද ඔහු පවසයි.