ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසෙන බවට මේ දින වලදී සමාජ ජාල වෙබ් අඩවි සහ යම් යම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.
ඔහු පවසා සිටින්නේ දේශපාලනයට පිවිසෙනවායැයි පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් කිසිම දිනක දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති බවත් සමාජ ජාල වෙබ අඩවි සහ මාධ්‍ය වාර්තා කුමන පදනමක් ඔස්සේ නිර්මාණය වුවාදැයි නොදන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ කාර්ය බහුලත්වය නිසාම තමන්ට සිය පවුල සමගවත් ජීවත් වීමට පවා කාලයක් නොමැතිව තිබියදී දේශපාලනයේ යෙදීමට තමන්ට කිසි ලෙසකින් ඉඩක් නැති බවයි. කෙසේ නමුත් කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියේ සමුගැනිමද ආසනන්න කාල වකවානුවක සිදුවීමට නියමිත බවද සදහන් ව ඇත.
දක්‍ෂතාවයෙන් පොහොසත්ව සිටියදී සංගක්‌කාර ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නේ දේශපාලන වේදිකාවට නැගීමට යෑයි සමහරෙක් මත පළ කරයි.
නමුත් ඒ පිළිබඳව සංගක්‌කාර පවසන්නේ, ‘‘මම කවදාවත් දේශපාලනයට එන්නෙ නැහැ. මම දන්න ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් මොකක් හරි කරන්න උත්සහ කරනවා. ඒකත් මොකක්‌ද කියල තවම අදහසක් නැහැ.’’ යනුවෙනි.






