සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි.
දෙවන දිනය වූ ඊයේ (18)දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලූ 3 ක් දැවී ලකුණු 178 ක් රැස්කර ගෙන සිටියා.
නොදැවී පන්දුවට පහරදෙන කෞෂාල් සිල්වා ලකුණු 80 ක් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 10 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් වහාබ් රියාස් ලකුණු 51 කට කඩුලූ 2 ක් බිද හෙළීමට සමත් වුණා.
ඉකුත් බදාදා ආරම්භ වූ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමුණා. ඊයේ දිනයේ තරගයේ පළමු භාගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අද (19)දිනයේද තරගය පැවැත්වෙන ගාල්ල ප්‍රදේශයට විටින් විට වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.






