FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ දේවස්ථානයක 9 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි.

 

ඇමෙරිකාවේ දකුණු කැරොලිනා හි ඓතිහාසික ක‍්‍රිස්තියානි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ අද අලූයම අදාළ වෙඩි ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීම කළ බවට සැක කෙරෙන 20 හැවිරිදි තරුණයෙකු සොයා මේ වන විට පොලිසිය මෙහෙයුම් අරඹා තිබෙනවා. නාගරික පොලිස් ප‍්‍රධානියා පැවසුවේ මෙම වෙඩි තැබීම වෛරී සහගත ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් බවයි.