සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනය කළා.
ඊයේ (17) දිනයේ මෙම තරඟය ආරම්භවීමට නියමිතව තිබුණු ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අධික වර්ෂාවක් ඇදහැලීම හේතුවෙන් තරඟය අද දිනට කල් දැමුණා.
අද අළුයම කාලයේ ද වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අද දිනයේ තරඟය බොහෝ විට පන්දුවාර 72කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව දිවා ආහාර දහවල් 1.30ට සහ තේපැන් සදහා තරඟය 3.40ට නතර කරනු ඇති. පස්වරු 5.45ට අද දිනය සදහා තරඟය නතර කිරීමට විනිසුරුවන්ගේ බලාපොරොත්තුව.






