වර්ෂාව හේතුවෙන් ඊයේ දින අතහැර දැමුණු ශ‍්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වනවා. තරගයේ පළමු දිනය වූ ඊයේ ගාල්ල ප‍්‍රදේශයට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ක‍්‍රීඩාංගණය ඊයේ සිට මේ දක්වා සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබෙනවා. අද දිනයේ තරගය පෙරවරු 9.45ට ආරම්භ කිරීමටයි විනිසුරුවන් තීරණය කළේ.
මේ අතර ඊයේ රාත‍්‍රිය පුරා ගාල්ල ප‍්‍රදේශයට වැසි නොවැටුණු බව අප වාර්තාකරු සඳහන් කළා. එහෙත් මීට නොබෝ වේලාවකට පෙර වැස්සක් ඇදහැලූණු බවයි ඔහු පැවසුවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද වැසි ඇති විය හැකි බවයි. ගාල්ල ප‍්‍රදේශයට ද විටින් විට වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළා.






