හොරණ ගෝනපල ප‍්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක අපයෝජනය කළ පාසල් සිසුන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
12 දා දහවල් පාසල ඇරී නිවෙස බලා යද්දී මේ අතවරයට මුහුණ පා ඇත්තේ සැකකාර සිසුන් අධ්‍යාපනය ලබන පාසලේම 7 ශේණියේ 12 හැවිරිදි ශිෂ්‍යාවකි.
පාසල ඇරී නිවසට යන පාරේ කැලෑ බද තැනකදී සිසුන් හතරදෙනා එම බාලිකාව ඇදගෙන ගොස් ස්‌පර්ශ කළ බව එම බාලිකාව මොරගහහේන පොලිසියට පවසා තිබේ.
එම සිසුන් කවුදැයි නොදන්නා නමුත් දුටුවොත් හඳුනාගත හැකි බවද පවසා තිබේ.
අකරතැබ්බයකට මුහුණ පෑ ශිෂ්‍යාව වෛද්‍ය පරීක්‍ෂණය සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර ඇත.








