FAST NEWS

24×7 Around the Globe

කුසල් ශතකය පෙනී පෙනී දැවි යයි – කණ්ඩායමේ බර මැතිව්ස් කරට ගනී…(update)

සංචාරක ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව දෙවන  ටෙස්ට් තරගයේ පළමු දිනයේ තේ පානය සඳහා තරගය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා ප්‍රධමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවි ලකුණූ 216 ක් රැස් කර ගැනීමට සමත්ව  සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු ද්විත්වයම මුළු ලකුණු සංඛයාව 09ක් වන විට බිඳ වැටි තිබු අවස්ථවේ පිටිය පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 49 ක් රැස් කර ගනීමින් ලකුණු 108 සබඳතාවයක් ගොඩනගමීන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

මේ වන විට නොදැවී ධනංජය ද සිල්වා සමග පන්දුවට පහර දෙන නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 49 ක් ලබා ගනීමින්  ශ්‍රී ලංකා ඉනිම ශක්තීමත් කරමීන් සිටිති.

ලකුණු පුවරුව පහතින්…

777777777777777777777777777777777777777777 777777777777777777777777777777777777777777 777777777777777777777777777777777777777777 777777777777777777777777777777777777777777

 

 

————————————————————————–(update) 2.45 p.m

පොඩි කුසල් සමග එක්වී ලොකු කුසල් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගනියි…(update)

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණඩායම අතර තරග තුනකින් සමන්විත වොන් මුරලි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (04) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ විය.

එහිදි කාසිය වාසිය දිනා ගැනීමට සමත් වු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා අහාරයට තරගය අත්හිටුවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 109 රැස් කර ගැනීමට සමත්ව සිටියි.

ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු ද්විත්වයම මුළු ලකුණු සංඛයාව 09ක් වන විට බිඳ වැටි තිබුණී.

අනතුරුව පිටිය පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් හා කුසල් ජනිත් පෙරේරා ලකුණු 47 ක් රැස් කර ගනීමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමීන් පිටියයේ රැඳී සිටිති.

තරගාවලියේ පළමු තරග ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්….

333333333333333333333333333

—————————————————-(update) 12.05 pm

කාසියේ වාසිය ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දිනා ගනියි.

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රීකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (04) ආරම්භවි වන දෙවන ටෙස්ට් ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කණ්ඩායම් ලැයිස්තුව බලාපොරොත්තු වන්න…

ශ්‍රී ලංකා කණ්ඩායම..

FDM Karunaratne, JK Silva, BKG Mendis, LD Chandimal†, AD Mathews*, DM de Silva, MDKJ Perera, HMRKB Herath, MDK Perera, MVT Fernando, PADLR Sandakan

ඔස්ට්‍රේලියා කණ්ඩායම..

JA Burns, DA Warner, SPD Smith*, UT Khawaja, AC Voges, MR Marsh, PM Nevill†, MA Starc, NM Lyon, JM Holland, JR Hazlewood