FAST NEWS

24×7 Around the Globe

රොබෝ වරු රැකියා අහිමි කරයි..

නව තාක්ෂණයේ වර්ධනයත් සමග ඉදිරි වසර 10ක හෝ 15ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ දැනට පවතින රැකියාවලින් 40%ක් පමණ සම්පූර්ණයෙන්ම අතුරුදන් විය හැකි බව පැවසෙයි.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය පිළිබඳ කමිටුව (සී.ඊ.ඩී.ඒ.) විසින් එළිදක්වා ඇති නවතම වාර්තාවකට අනුව, රොබෝ තාක්ෂණයේ දියුණුව එරට ශ්‍රම බලකායේ සුවිශේෂී වෙනසක් අනාගතයේදී සිදුකරනු ඇත.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ තාක්ෂණයේ දියුණුවට විරෝධයක් දැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත්, එය ආර්ථිකය ලැබූ වරප්‍රසාදයක් ලෙස සැලකිය යුතු බවද එම වාර්තාව පෙන්වා දෙයි.