අහස් යාත්‍රාවල ගිය කුමාරවරුන්ට අද පාද යාත්‍රාවලින් ගමන් කරවීමට ඉඩකඩ සැලසීම පිළිබඳව ජ්‍යෙතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතාට ස්තුතිවන්ත වන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පැවසීය. එම රාජකීය නැකත හැදූ සුමනදාස අබේගුණවර්ධන මහතාට සමස්ත ජනතාවගේම ස්තුතිය හිමිවන බව ද හෙතෙම ඊයේ (01 වැනිදා) සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
අහස් යාත්‍රාවල එදා කුමාරවරුන්ගේ රාත්‍රී සමාජ ශාලාවල නර්තනයන් බලන්නට නොහැකි වුවද, අද ප්‍රසිද්ධියේම කුමාරවරුන්ගේ නර්තනයන් බලන්නට ජනතාවට හැකි වී ඇතැයි ද කී රංජන් රාමනායක මහතා මෙසේද කීවේය.
රටක දියුණුවකට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. රජයකට හොඳ නරක කියන්න වසර 4-5 ක්වත් ඉඩදිය යුතුයි. මේ විරෝධතා කරන්නේ වසරක් ගත වීමටත් කලින්. පාද යාත්‍රා යන අයට වසරක්වත් උහුලගන්න බැහැ. මෙවැනි විකට පාද යාත්‍රා ඉතිහාසයේ අප දැක නැහැ. කිසිම සටන් පාඨයක් නැහැ. පීඩනයක් නැහැ. බ්රේක් ඩාන්ස් දානවා.
ආණ්ඩුව පාද යාත්‍රාවට බය නැහැ. නමුත් එතනෝල්, කුඩුකාරයන්, මිනීමරුවන් කොළඹට එන්නේ. මහජනතාව ඒකට බයයි. එම නිසා බය කියන චෝදනාව අපි පිළිගන්නවා. පාද යාත්‍රාවට එන අය ඉන්නේ මත්පැන් හල්වල. එක එක හොරු හැසිරෙන විදිහ වෙනස්. සමහරු ස්ට්. පාද යාත්‍රාව දිහා බැලුවොත් එක එක අය හැසිරෙන විදිහ වෙනස්. හොඳම හොරු තමයි දිගටම පාද යාත්‍රාවේ හිටියේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.