FAST NEWS

24×7 Around the Globe

නීතිඥ කණ්ඩායමක් කොටුව අධිකරණ සංකීර්ණයේ සීරුවෙන්.

ජනසටන පා ගමන කොළඹ නගර සීමාවට ඇතුළු වුවහොත් අධිකරණයේ වාරණ නියෝගයක් ලබාගැනීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් සූදානමක් ඇතැයි වාර්තා පළවීම නිසා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ නීතිඥ කණ්ඩායමක් කොටුව අධිකරණ සංකීර්ණයේ සූදානමින් තබා තිබේ.

එම කණ්ඩායමේ නීතිඥයෙකු සඳහන් කළේ අවශ්‍ය ඕනෑම අවස්ථාවකට මුහුණදීමට තමන් සූදානම් බවයි. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේ පාද යාත්‍රාව කොළඹ නගර සීමාවට ඇතුළු වන විට සවස 3.30 පමණ විය හැකි බවයි.