FAST NEWS

24×7 Around the Globe

පාගමනේ ගිය අය ඊයේ  හදිසියේ කැලෑ රොදවල් තුලට රිංගයි.

මහනුවර සිට කොළඹ බලා ගමන් ගන්නා පා ගමන ඊයේ (31) යක්කල ප්‍රදේශය පසු කරද්දී හදිසියේම පා ගමන්කරුවන් හිස් ලූ ලූ අත දිය යන්නට පටන්ගෙන තිබේ. මේ පිළිබඳව විමසා බැලීමේදී සිදුව ඇත්තේ පා ගමන්කරුවන්ට බඩ යාමේ රෝගයක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් ඊයේ යක්කල ප්‍රදේශයේ නිවාස හා හෝටල්වල පිහිටි වැසිකිලිවල දිගු පෝලිම් දක්නට තිබී ඇත.

කෙසේ වුවද පෝලිම් වල සිට තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට නොහැකි වූවන් මාර්ගය අවට පිහිටි කැලෑ රොදවල් තුලට රිංගා තිබේ.

පා ගමනය සහභාගීවන ආධාරකරුවන්ට පිළුණු ආහාර ලබාදීම නිසයි මේ තත්වය ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.