FAST NEWS

24×7 Around the Globe

රියදුරාගේ දිව සපා ගාල්ලේ සිසුවිය අතවරයෙන් බේරුනූ හැටි….

පාසල නිම වී තනිවම නිවස බලා යමින් සිටි පාසල් සිසුවියකට පුද්ගලික බස් රථ රියදුරෙකු ලිංගික අතවර කිරීමට තැත් කිරීමේදී, එම සිසුවිය විසින් රියදුරාට කුඩයෙන් පහර දී ඔහුගේ දිව ද සපා කා බේරී ආ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය උසස් පෙළ හදාරන්නියක් වන අතර අතුරු මාර්ගයක දී මෙම අතවරය සිදු කිරීමට රියදුරා තැත් කර ඇති බව යි වාර්තා වන්නේ.

අතුරු මාර්ගයක යමින් සිටි සිසුවියට අදාළ රියදුරා මෙසේ අතවර කිරීමට පැමිණ ඇති අතර ඇය ඔහුට කුඩයෙන් පහර දී දිව සපා කෑමෙන් අනතුරුව පළා විත් පොලීසියට පැමිණිලි කර ඇත්තේ රියදුරාගේ යතුරුපැදි අංකය ද සමඟින්.

අකුරැස්ස හේනේගම පදිංචි එම රියදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සිසුවිය දුන් තොරතුරුවලට ගැලපෙන ආකාරයේ තුවාලයක් ඔහුගේ දිවෙහි තිබී ඇති අතර සැකකාර රියදුරා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 30වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.